කබ්රාල්ගේ පෙත්සම කබ්රාල් ඉල්ලා අස්කර ගනී
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.
අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත්තේ, මෙම නඩුකරයට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බැවින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවය.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

