පකිස්ථානයේ ඉම්රාන් නිදහස් කරගැනීමේ සටන නව මාවතකට
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහෙරීකි ඉන්සාෆ් පක්ෂය යටතේ පවතින කයිබර් පක්ටුන්ක්වා ප්රාන්තයේ මහ ඇමැතිවරයා විසින් ආරම්භ කළ විරෝධතා පා ගමන අවහිර කරමින් එරට රජය පියවර ගෙන ඇත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථාව භාවිත කරමින් බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
පාකිස්තාන පාර්ලිමේන්තුවේ ද ප්රධාන විපක්ෂය වන ටෙහෙරීකි ඉන්සාෆ් පක්ෂයේ ප්රාන්ත බලය අහිමි කිරීම සඳහා රජය හදිසි නීතිය ද පනවා ඇති බවත්, ප්රාන්ත බලය අහිමි කර ඇත්තේ ත්රස්තවාදයට එරෙහිව පියවර ගැනීමට පළාත් රජය අසමත් වූ බවට ප්රකාශ කරමින් බවත් විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉම්රාන් ඛාන්ගේ ප්රධානතම දේශපාලන බලකොටුව වන කයිබර් පක්ටුන්ක්වා ප්රාන්තයේ බලය ආණ්ඩුකාරවරයා යටතට පත් කර ඇතැයි ද, මේ වන විට හිටපු අගමැතිවරයාගේ සෞඛ්ය තත්ත්වය පිරිහෙමින් පවතින බව ඉම්රාන්ගේ පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ත්රස්තවාදය මර්දනය කිරීමට අසමත්වූ බව කියමින් පාකිස්තාන රජය ප්රාන්ත පාලනය අත්හිටුවීමට පියවර ගනු ලැබුවද, ප්රාන්ත බලය අත්පත් කරගැනීමට සහ විරෝධතා පා ගමන වැළැක්වීමට පාකිස්තාන රජය එම පියවර ගත් බවට ටෙහෙරීකි ඉන්සාෆ් පක්ෂය චෝදනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

