Latestවිදේශීය

ස්පාඤ්ඤ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

ස්පාඤ්ඤ ඉති­හා­සයේ සිදුවූ දරු­ණු­තම දුම්රිය අන­තු­රින් සති­ය­ක­ටත් අඩු කාල­ය­කට පසු එරට ප්‍රවා­හන ඇමැති ඔස්කාර් පුඑන්ටේ ධුර­යෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදි­රියේ පැවැ­ත්වෙන මහ­මැ­ති­ව­ර­ණ­ය­යෙන් ද ඉවත් වන බව 57 හැවි­රිදි පුඑන්ටේ සඳ­හන් කර තිබේ. මධ්‍යම ස්පාඤ්ඤයේ කස්ටිලා ලේ මන්චා කලා­ප­යේදී පැයට කිලෝ­මී­ටර් 200කට ආසන්න වේග­ය­කින් පැමිණි අධි­වේගී දුම්රි­යක් මන්චා දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ තවත් පෞද්ග­ලික දුම්රි­යක් එකි­නෙක ගැටී­මෙන් පුද්ග­ල­යන් 69 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, එම අන­තුර සම්බ­න්ධව එරට ජන­තා­වගේ දැඩි අප්‍ර­සා­දය රජ­යට එල්ල වී තිබිණි.

වස­ර­කට අඩු කාල­ය­කදී ස්පාඤ්ඤ­යෙන් වාර්තා වූ දෙවැනි දුම්රිය අන­තුර ද එය වන අතර, පසු­ගිය ජන­වා­රියේ එරට අන්ද­ලු­සියා පළාතේ සිදුවූ මාරක දුම්රිය අන­තු­රින් පුද්ග­ල­යන් 46 දෙන­කුට දිවි අහි­මිවූ බව සිහි­පත් කර­මින් ඔස්කාර් පුඑන්ටේ ප්‍රකාශ කර ඇත්තේ වස­ර­ක­ටත් අඩු කාල­යක් තුළ මෙවැනි දරුණු දුම්රිය අන­තුරු දෙකක් සිදු­වී­මෙන් පසු තව­දු­ර­ටත් ඇමැ­ති ­ධු­රයේ රැඳී සිටිය නොහැකි බවය.

ඇමැ­ති ­ධු­ර­යෙන් ඉව­ත්වු­වද, රජය විසින් සිදු­කළ යුතු මූලික සම්බ­න්ධි­ක­රණ කට­යුතු වෙනු­වෙන් කෙටි කාල­යක් ධුරයේ රැඳී සිටින බව ද ඔහු සඳ­හන් කර තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *