ස්පාඤ්ඤ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි
ස්පාඤ්ඤ ඉතිහාසයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරින් සතියකටත් අඩු කාලයකට පසු එරට ප්‍රවාහන ඇමැති ඔස්කාර් පුඑන්ටේ ධුරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයයෙන් ද ඉවත් වන බව 57 හැවිරිදි පුඑන්ටේ සඳහන් කර තිබේ. මධ්‍යම ස්පාඤ්ඤයේ කස්ටිලා ලේ මන්චා කලාපයේදී පැයට කිලෝමීටර් 200කට ආසන්න වේගයකින් පැමිණි අධිවේගී දුම්රියක් මන්චා දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ තවත් පෞද්ගලික දුම්රියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 69 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම අනතුර සම්බන්ධව එරට ජනතාවගේ දැඩි අප්‍රසාදය රජයට එල්ල වී තිබිණි.
වසරකට අඩු කාලයකදී ස්පාඤ්ඤයෙන් වාර්තා වූ දෙවැනි දුම්රිය අනතුර ද එය වන අතර, පසුගිය ජනවාරියේ එරට අන්දලුසියා පළාතේ සිදුවූ මාරක දුම්රිය අනතුරින් පුද්ගලයන් 46 දෙනකුට දිවි අහිමිවූ බව සිහිපත් කරමින් ඔස්කාර් පුඑන්ටේ ප්‍රකාශ කර ඇත්තේ වසරකටත් අඩු කාලයක් තුළ මෙවැනි දරුණු දුම්රිය අනතුරු දෙකක් සිදුවීමෙන් පසු තවදුරටත් ඇමැති ධුරයේ රැඳී සිටිය නොහැකි බවය.
ඇමැති ධුරයෙන් ඉවත්වුවද, රජය විසින් සිදුකළ යුතු මූලික සම්බන්ධිකරණ කටයුතු වෙනුවෙන් කෙටි කාලයක් ධුරයේ රැඳී සිටින බව ද ඔහු සඳහන් කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

