දේශීය

සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත් අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් පෙනී නොසිටීම පිළිබඳ එහි නිලධාරීන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පෙනී සිටින ලෙස අවස්ථා දෙකක දී දැනුම් දුන්නද සිරිල් ගාමිණී පියතුමන් මෙතෙක් පෙනී නොසිටි බව ඊයේ (05) මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිලධාරීන් විසින් දැනුම් දී ඇත.

රාජ්‍ය නිලධාරියෙකුගේ කටයුතුවලට අවනත නොවීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් එම පියතුමා විසින් සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

රාජ්‍ය සේවකයෙකුගේ නියෝගයකට අවනත නොවීම සම්බන්ධයෙන් පියතුමාට එරෙහි පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ දී එය විධිමත්ව ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්නේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය මස 25 වන දා “සූම්” තාක්ෂණය ඔස්සේ  පැවැති සංවාදයක දී සිරිල් ගාමිණි පියතුමන් විසින් දැක්වූ අදහස්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?