ක්‍රීඩා

20-20 ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය දරණ අතර සුපිරි 12ට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඒ යටතේ තරග වැදීමට නියමිතය.

එම තරගය ඔක්තෝම්බර් 16 වන දා සිට 21 වන දා දක්වා පැවැත්වෙන අතර ඉන් කණ්ඩායම් දෙකක් සුපිරි 12 වටයට සුදුසුකම් ලබනවා.

සුපිරි 12 වටයේ තරග ඔක්තෝම්බර් 22 වන දා සිට ආරම්භවන අතර එම වටයේ තරග අවසන් වන්නේ නොවැම්බර් 06 වනදා ය.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 09 වන දා සහ දෙවන අවසන් පූර්ව තරගය 10 වන දා පැවැත්වීමට නියමිතය.

ඉන් තේරී පත්වෙන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන 2022 පන්දුවාර විස්ස තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 13 වන දා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

තරගාවලියේ තරග කාලසටහන පහතින්,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?