Latestක්‍රීඩාවිදේශීය

ඉන්දියානු ක්‍රීඩක ගයික්වාඩ්ගෙන් එක් ඕවරයකදී හයේ පහර හතක්

ඉන්දීය ක්‍රීඩක රුතුරාජ් ගයික්වාඩ් සීමිත ඕවර තරගයකදී එක් ඕවරයක දී හයේ පහර 7ක් එල්ල කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට සමත්වි තිබෙනවා.

25 හැවිරිදි ඉන්දීය පිතිකරුවා අහමදාබාද්හිදී උත්තර් ප්‍රදේශයට එරෙහිව මහාරාෂ්ට කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් විජේ හසාරේ කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී අද දින මෙම වාර්තාව බිඳ දැමුවා.

මෙම හයේ පහර හත එල්ල කරන ලද්දේ වමතින් දඟ පන්දු යවන ශිවා සිං ගේ පන්දු වාරයකදීය්. ඔහුගේ පන්දුවාරයේ පස්වැනි පන්දුව නිපන්දුවක් ලෙස තීරණය වීම නිසා ගයික්වාඩ්හට අමතර පන්දුවක් ලැබි තිබුණා. ශිවා සිං ගේ ඕවරයේදී ලබාදුන් ලකුණු 43 ඕවරයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමටද සමත් විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?