Latestදේශීය

75 වන නිදහසට සමගාමීව සමරු කාසියක් හා සමරු මුද්දරයක්

75 වන ජාතික නිදහස් දිනයට  සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දරය  සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය අද (02) පෙරවරුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරුණා.

සමරු මුද්දරය පිළිගැන්වීම ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදිකළ අතර සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින්  ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා.

75” අංකය විශාලව සහ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වෙන මෙම සමරු කාසිය සංසරණය සඳහා භාවිතා නොවන්නක් වන අතර එය රුපියල් දහසක වටිනාකමකින් යුක්ත වෙයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසියයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය ද පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙන්නේ ද 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?