Latestදේශීය

නීතිපතිට එරෙහිව නීතිඥවරුන්ගේ විරෝධය

නීතිපති දෙපාර්ථමේන්තුව අධිකරණයේ ස්වාධීනත්වයට අත තබමින් අධිකරණයට අනිසි බලපෑමක් සිදුකරමින් විනිසුරුවරිය අපහසුතාවයට පත් කරමින් කටයුතු කිරීමට එරෙහිවඊයේ (18) විරෝධතාවයක නිරථ වුනා. ඒ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට (17) මුහුණ දීමට සිදුවූ තත්ත්වය මුල් කරගනිමින්.

ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කළ නඩුව (17)  විභාගයට ගත් අවස්ථාවේ, ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, දිලීප පීරිස් මහතා අතිරේක මහේස්ත්‍රාත්වරිය නඩුව විභාග කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කළා.

ඊයේ (18)මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැස්වූ නීතිඥවරුන් අතිරේක මහේස්ත්‍රාත්වරියට නැගූ චෝදනාවලට විරෝධය පළ කළ අතර අධිකරණයේ ස්වාධීනත්වයට නීතිපතිවරයාගෙන් එල්ල වූ බලපෑමට විරෝධය පල කළ පුවරු අතැතිව කෙසෙල්වත්ත මංසන්ධිය දක්වා පා ගමනක ද නිරත වූහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?