Latestදේශීය

අරගල චන්ඩි දැන් නොන්ඩි වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා සංවිධානය කිරීමට සැරසෙන කාන්තා බලමණ්ඩල සම්මේලන මාලාවේ සමාරම්භක රැස්වීම මාර්තු 26 වන දා බේරුවල දී පැවැත්වුණි.

“බේරුවල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සම්මේලනය” ලෙස නම් කොට තිබූ මෙම රැස්වීම පැවැත්වීය.

බේරුවල, හෙට්ටිමුල්ල අමා රිවර් ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේ දී පැවති සම්මේලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බේරුවල ආසන සංවිධායක, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සංවිධාන වී තිබුණි. පවිත්‍රා වන්නිආරච්චි , රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ , ඉන්දික අනුරුද්ධ යන කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පොදුජන පෙරමුණ මහජන නියෝජිතයන් රැසකක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පොදු ජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා රැඳී සිටින්නේ කෙළෙහිගුණ දන්නා පිරිසක් බවයි.

“මොන ප්‍රශ්න තිබුණත්, බඩගින්න දැනුනත්, මම විශ්වාස කරනවා අද පියල් නිශාන්ත අමාත්‍යතුමාගේ කැඳවීමෙන් ඔබ සියලු දෙනා මෙතනට පැමිණිලා තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්මයා අමතක කරන්න බැරි නිසා. මේ අය කෙළෙහිගුණ දන්න පිරිසක්. සමහරු කිව්වා නව වෙනිදා ගැහුවම රාජපක්ෂ ඉවරයි කියලා. අපේ මන්ත්‍රීවරයෙක් පාරේ මරලා, ගෙවල් ගිණි තියලා, අපිට මළගෙදරක යන්න බැරිවෙන තැනට අරගලකාරයෝ චන්ඩි වෙලා. හැබැයි දැන් ටික ටික, ඒ චන්ඩි නෝන්ඩි වෙනවා”

මෙම අවස්ථාවට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රැස්ව සිටි විශාල පිරිසට විශේෂ ස්තූතියක් පිරිනැමුවේය.

” අපි දන්නවා අපේ අම්මලා ඉන්න ගින්දරක. දරුවෝ පිළිබඳව, දරුවන්ගේ අනාගතය පිළිබඳව. ජීවන වියදම පිළිබඳව. අපි දන්නවා අපේ ගමේ කාන්තාවෝ ඉන්නේ පීඩනයක. දැන් අයි.එම්.එෆ් ණය යෝජනා ක්‍රමයක් ඇවිල්ල තියෙනවා. මේ සම්බන්ධව පෞද්ගලික වෙන මත තිබුනත්, එයි.එම්.එෆ් එක ලැබීමත් එක්ක ජීවන වියදම අඩු කරලා, ඉන්ධන මිල අඩු කරලා ඔබට සහන ලබා දෙන්න පක්ෂයක් විදියට අපි මැදිහත් වෙනවා.”

මේ අතර මෙම ජන හමුව සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කියා සිටියේ කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් සිදු කිරීමට හැකි වූ බවයි.

” මේ වෙලාවේ රැකීරක්ෂා ඇතුළු ඔබගේ සියළුම ඉල්ලීම් කඩිනමින් ඉටු කරන එක පහසු නෑ. ඒත් අපි උත්සහ කරනවා. මම කැමතියි ඒ ඉල්ලීම් ඔක්කොම එකපාර ඉටු කරන්න පුළුවන් නම්. ඒක මටත් දේශපාලන වශයෙන් හොඳයි. ඒත් අපි ප්‍රායෝගික වෙන්න ඕනෑ. මම කොළ රතු නිල් පාට බලලා වැඩ කරන කෙනෙක් නෙවෙයි. දරුවන්, කාන්තාවන්, අධ්‍යාපනය, සාමජ ආකල්ප වගේ දේවල් ගැන තමා මගේ වැඩි අවධානය තියෙන්නේ. ඒ නිසයි මේ තරම් පිරිසක් බේරුවල අපිත් සමඟ ඉන්නේ ”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම රැස්වීම් මාලාව දිවයින පුරා සියලූ ආසන වල පැවැත්වීමට නියමිතය. පළමු සම්මේලනයේම කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කළබව ආරාධිතයන් ලෙස සහභාගි වූ පක්ෂ නාකයෝ පැවසූහ. මෙම සම්මේලනය සාර්ථකව සංවිධානය කිරීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාට විශේෂ ස්තූතියක් පිරිනැමීමට ද එම පිරිස කටයුතු කළහ.

බේරුවල ආසන කාන්තා සම්මේලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් පාලන මැතිවරණය අපේක්ෂකයින්, කාන්තා බලමණ්ඩල නිලධාරීන් ඇතුළු සම්භාවනීයයන් රැසක් එක්ව සිටීහ.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?