Latestදේශීයවිදේශීය

ඇන්තනී නැවතත් ඊශ්‍රායලයට

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු හමු වීමට අද (03) තෙවැනි වරටත් ඊශ්‍රායලයට පැමිණ තිබේ.

ගාසා තීරයේ සිවිල් වැසියන් ගේ ආරක්ෂාව වෙනුවෙන් සහාය ලබා දීම පිළිබඳ සාකච්ඡා කිරීම ද මෙම හමුවේ අභිප්‍රාය වී ඇති බව වාර්තා වේ.

සංචාරයට පෙර වොෂින්ටනයේ මාධ්‍යවේදීන් අමතමින් ඇන්තනී බ්ලින්කන් කියා සිටියේ, ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදු වන හානිය අවම කිරීම සඳහා ඊශ්‍රායලය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එසේම ඒ සඳහා තදබල පියවර ගැනීමට ද සූදානම් බව ඔහු පවසා ඇත.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?