Latestවිදේශීය

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් බව අයර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය පිළිගනී

පල­ස්තී­නය  ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගන්නා බව අය­ර්ල­න්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය  නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සම්බ­න්ධව නිල නිවේ­ද­නය ලබන  28 වැනිදා නිකුත් කිරී­මට නිය­මිත බව ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

පල­ස්තී­නය  ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගනු ලබන්නේ ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව හෝ හමාස්  සංවි­ධා­න­යට සහාය පළ කිරී­මට හෝ නොව ගාසා තීරයේ සාමය උදෙසා බව ස්පාඤ්ඤය  ප්‍රකාශ කර ඇති අතර, රට­වල් තුනේ තීර­ණය පිළි­බඳ පල­ස්තීන විදේශ  අමා­ත්‍යාං­ශය, පල­ස්තීන විමුක්ති හමු­දාව සහ හමාස් සංවි­ධා­නය සතුට පළ කර ඇතැයි ද  වාර්තා වේ. අමෙ­රි­කාව සහ බ්‍රිතා­න්‍යය හැර එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ  සාමා­ජික රට­වල් 140ක් මේ වන විට පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගෙන  තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?