Latestවිදේශීය

ඇෆ්ගනිස්ථානයේ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 60 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

පසුගිය සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයට අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් ඇදහැලුණු බව විදෙස් මාධ්‍ය  සඳහන් කර තිබේ.

බග්ලන් පළාතේ දිස්ත්‍රික්ක පහකට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් විශාල පිරිසක් අතුරුදන් වී ඇති අතර 200කට වැඩි පිරිසක් තම නිවෙස් තුළ සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *