මත්ද්‍රව්‍ය විරෝධී පාගමන් රටපුරා
ජාතික තරුණ සේවා සභාව සහ Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කළ ජාතික තරුණ දිනයට සමගාමී “Say No” විෂ මත්ද්‍රව්‍ය විරෝධී පාගමන් සහ රැළි 25ක් ඊයේ (23) දිවයින පුරා පැවැත්විණි.
ප්‍රධාන ජාතික වැඩසටහන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවැත්විය.
ජාතික තරුණ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය ද එහිදී ඉදිරිපත් කෙරිණි. එම පණිවිඩය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තරුණ පරපුරේ ආර්ථික දායකත්වය ඉහළ නැංවීම සඳහා රජය විසින් තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.
විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයක් බිහිකිරීමේ රජයේ ප්‍රතිපත්තියේ වැඩිම ප්‍රතිලාභීන් වන්නේ තරුණ පරපුර බවත්, රටම එක්ව ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ගත් වැදගත් පියවරක් බවත් එහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල මහතා සහ youth Club කොළඹ දිස්ත්‍රික් නායකයින් සහ ජාතික සම්මේලනයේ නායකයින් සහභාගි වූහ.
මෙදිනට සමගාමීව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පැවැති පාගමන් සහ රැළි සඳහා ද තරුණ නායකයින් සහ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්වූහ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

