පළාත් සභා තිබ්බොත් අපි දිනනවා – සජිත් ප්‍රේමදාස
පළාත් සභා තිබ්බොත් සමගි ජන බලවේගය අනිවාර්යයෙන් දිනනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජූනි 23 වැනිදාට යෙදී ඇති හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් රුපියල් ලක්ෂ 30කට වැඩි වටිනාකමක් ඇති හිමෝ ඩයලසීස් යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට ලබාදීමට ඒ මහතා පෙරේදා (20) පැමිණියේය. එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන මහා නායක මාහිමිවරුන් මුණගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් එසේ පැවසීය.
එහිදී ඒ මහතා මෙසේද කීවේය.
පළාත් සභා මැතිවරණය ලබා ගැනීමට අවශ්‍ය සියලුම ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාම පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. රජය ජනතාව ලබා දුන් අසීමිත බලයේ, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කමිටු, තේරීම් කාරක සභා ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරුවමින් යනවා. දැන්වත් රටේ ලක්ෂ 220ක් ජනතාව මොවුන්ගෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි. ඉදිරි මැතිවරණවලදී කිසිම පාර්ශ්වයකට විශාල මන්ත්‍රී නියෝජනයක් අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය සුළු බහුතරය පමණක් ප්‍රමාණවත්.
මොවුන් ප්රජාතන්ත්ර ක්‍රමවේදයෙන් බලය ලබාගෙන අද ප්රජාතන්ත්රවාදය හකුළා දාලා. තනි පක්ෂ පාලනයකට රට ගෙන යෑමක් දක්නට ලැබෙන හෙයින් එයට ඉඩ තැබිය නොහැකියි.
පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙරට දුගී දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රධාන වැඩපිළිවෙළ නිර්මාණය කර ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. අප රටේ ජන සමාජයේ සෑම අංශයකම සෑම ජන කොට්ඨාසයකම දුප්පත්කම වැඩි වී තිබෙනවා. 30-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් වෙලා. ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සපුරා ගත නොහැකි වෙලා. මේ දුප්පත්කමෙන් ජනතාව මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි. ජනතාවට තවදුරටත් බොරු නොකියා සහන දෙන්න රජය කටයුතු කළ යුතුයි. පාකිස්තානය පවා තෙල් මිල අඩු කර ඇති මොහොතක රජය එය අඩු නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් තිබෙනවා. රජය තෙල් මිල සේම විදුලි බිල ද අඩු කළ යුතුයි.
රජයට ජනතා බලය ලැබී ඇති නිසා ජනතාව වෙනුවෙන් හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකියි
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

