මොරොක්කෝව පරදා ප්‍රංශය ඉදිරියට
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට වේලාවෙන් අද (10) අලුයම අවසන් වූ තීරණාත්මක තරගයකදී මොරොක්කෝ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් තමන්ගේ ආධිපත්‍යය යළිත් තහවුරු කරගැනීමට ප්‍රංශය සමත් විය.
මෙම පරාජයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ මොරොක්කෝවේ ඉදිරි ගමන අවසන් වූ අතර, වත්මන් අනුශූර ප්‍රංශය අවසන් පූර්ව වටයට පිවිසියේය.
තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ අතර, ආරක්ෂක වළල්ල ශක්තිමත්ව තබාගැනීමට දෙපාර්ශ්වයම සමත් විය.
ප්‍රංශයේ සුපිරි තරුව වන කයිලියන් ම්බාපේ වෙත ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගැනීමට මොරොක්කෝ දැල් රකින්නා ඉඩ නොදීම හේතුවෙන්, තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ගෝල ලබාගැනීමට සමත්ව සිටියේ නැත.
කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්භ වීමත් සමග ප්‍රංශ කණ්ඩායම තරගයේ පාලනය තම අතට ගත්තේය.
පළමු අර්ධයේ අත්වැරැද්ද නිවැරදි කරගත් කයිලියන් ම්බාපේ, 60 වැනි මිනිත්තුවේ දී මොරොක්කෝ ආරක්ෂක වළල්ල බිඳ දමමින් ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය.
ඉන් නොනැවතුණු ප්‍රංශය ක්‍රීඩක ඔස්මාන් ඩෙම්බේලේ 66 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් ගෝල 2-0ක් ලෙස තරගය ජයගත්තේය.
ඉකුත් 2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදීද මොරොක්කෝව ප්‍රංශය හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජයට පත් වූ අතර, මෙම තරගයෙන්ද එම ඉරණමම අත්විඳීමට ඔවුන්ට සිදුවිය.
65,000කට අධික ප්‍රේක්ෂක ධාරිතාවයකින් යුත් අමෙරිකාවේ බොස්ටන් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
