Latestදේශීය

යෝෂිතට, කරන්නාගොඩට අධිචෝදනා

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට කොළඹ මහාධිකරණය හමුවේ අද (20) අධි චෝදනා පත්‍ර බාරදී තිබේ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ, 2006 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා සහ 2007 වසරේ ජූනි මස 08 වැනිදා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වශයෙන් කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂ නමැති විත්තිකරුට අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal Navy Young Officers Course පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දී රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි.

උක්ත ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල කර ඇත.

ඉන් අනතුරුව, එම විත්තිකරුවන් දෙදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහාධිකරණය නියම කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *