Latestදේශීය

දින 03ක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු වෙයි

ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින ජාතික ශෝක දින ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.


ඒ අනුව, එම තෙදින තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අදාළ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

2026 අගෝස්තු 21 දින නිකුත් කළ චක්‍රලේඛයට අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අත්සන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *