Latestදේශීයමතවාදසංස්කෘතික

අසන්න ඇය ගයන්නී

(අශෝක හඳගම)

1971 අප්‍රේල් කැරැල්ල ඇතිවුණේ අප්‍රේල් පස්වැනි දා JVP විසින් දිවයින පුරා පොලිස් ස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන රැසකට පහරදීමෙන් බව සඳහන් වෙනවා. ඒ පහරදීම් සඳහා සංඥාව ලෙස ගැනුනේ ගුවන් විදුලියෙන් නන්දා මාලිනීගේ ‘සකුරා මල් පිපිලා’ ගීතය වාදනය වීමේ වෙලාව බවට මතයක් තියෙනවා. එය බිහිවූ සමාජ දේශපාලන පරිසරය, එහි කැරලිකාර ස්වභාවය සහ පසුව එයට පැනවූ ගුවන් විදුලි වාරණය එයට හේතු වූවා දැයි කියන්න දන්නේ නැහැ.

‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයේ සහ කැසට් පටයේ එන ‘මේ ජීවන ගංගාධාරයේ- දෙපස පිපී ඇති ප්‍රාර්ථනා මල්නෙලා නොගන් මිතුරෙ…’ කියන ගීතයෙන් පටන් ගෙන ‘පවන’ සමස්ත ප්‍රසංගය සහ කැසට් පටය, 80 දශකය පුරාවට තරුණ සිත් විප්ලවීය ගුණයෙන් පිරවූ බවට සැකයක් නැහැ. නාට්‍යය සිනමාවට වඩා ගීතය පොදු මිනිස් සිතට ආමන්ත්‍රණය කළ හැකි මාධ්‍යයක්.

ගීත රචකයකුගේ, ගායකයෙකුගේ සහ ගායිකාවකගේ ගීතයක, පොදුවේ කලාකරුවෙකුගේ නිර්මාණයක දේශපාලන අදහස විමසන්න පුළුවන්. එහි ප්‍රතිවිපාක පිළිබඳව විවේචනාත්මකව බලන්නත් දැන් අපට පුළුවන්. නමුත් ඒකෙන් ස්වයංක්‍රීයව කලාකරුවා ඉතිහාසයේ වැරදි කාරයෙක් බවට පත්වන්නේ නැහැ. ඉතිහාසයේ එක්තරා කාලපරිච්ඡේදයක බිහි වූ එකී නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න අපට පුලුවන් කමක් නෑ.

නන්දා මාලිනී අපේ ජාතියේ යශෝරාවයයි.

ප්‍රාර්ථනාවන් පිරුණු ලොවේ සිට

ගී ගයනා මට ප්‍රේම කරන්

යාබද අසුනේ හිඳ ගී අසනා

සහෘදයන් හට ප්‍රේම කරන්

දශක ගණනාවක් තිස්සේ අපව පිනවූ, අපව සැනසූ, ඒ රන් ස්වරයට අපගේ ගෞරවය සහ ආදරය. !


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *