මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සංකේත වැඩවර්ජනයක
දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණ කර තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, පෙරේදා (19) රාත්‍රියේ රැස්වූ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ඊයේ (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ලිපියක්ද යොමු කර ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

