Latestදේශීය

බැකෝ සමන්ගේ මව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තවත් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මෙම ඝාතනය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකු ලද තොරතුරු මතය.

පසුගිය 19 වැනිදා මිද්දෙනිය පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අවුරුදු 21ක් වූ මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු රැඳවුම් නියෝග මත මිද්දෙනිය පොලීසිය විසින් රඳවා විමර්ශන සිදු කරන ලදි.

එහිදී සැකකරු විසින් පසුගිය 12 වැනි දින මිද්දෙනිය පොලිස් වසමේදී බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව රැඳවුම් නියෝග මත රඳවා ගනු ලැබූ එම සැකකරු ඊයේ (23) වැනි දින වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකරුගෙන් ලද තොරතුරු මත මෙම ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් අනෙක් සැකකරු ඊයේ දිනයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් එම සැකකරු මිද්දෙනිය පොලීසිය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24ක් වූ මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව මිද්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *