කළුතර වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට
කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් තුළ අද (09) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
එම වෙඩි ප්‍රහාරයෙන්, මියගිය පුද්ගලයාගේ බිරිඳ ද තුවාල ලබා තිබේ.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

