Latestදේශීය

බුපිවකේන් නිර්වින්දනය භාවිතයෙන් ඉවතට

ආන්දෝලයට තුඩුදී ඇති නිර්වින්දනය ඖෂධයක් වන ‘බුපිවකේන්’ නමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කළ මෙම ඖෂධය භාවිත කිරීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී රෝගීන් දෙදෙනකු මියගිය බවට වාර්තාවීමෙන් පසුව මෙම පියවර ගත් බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

මෙම ඖෂධය දීමෙන් පසුව එලෙස මියගොස් තිබුණේ කාන්තාවන් දෙදෙනකි.

එමෙන්ම ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙනවා බෙදා හරිනලද නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු ගැබිණි කාන්තාවක් පසුගියදා කාසල් රෝහලේදීද ජීවිතක්ෂයට පත් වූ අතර එම ඖෂධයේ ඛාණ්ඩ 03ක් තහනම් කළ බව එවකට වාර්තා විණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?