Latestදේශීය

රථවාහන ලියාපදිංචියට TIN අනිවාර්යයි

(යොහාන් භාසුර)
රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඊ‌යේ (4) පැවසීය.
ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති නොකරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් කීය. 

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?