Latestවිදේශීය

සෞදි – රියාද් වෙත දරුණු ප්‍රහාරයක්

ඉරාන හිතවාදී හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ අගනුවර වන රියාද් වෙත සහ රතු මුහුද වෙරළ කලාපයේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

සෞදි බලධාරීන් පවසන්නේ මෙම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කර විනාශ කිරීමට කටයුතු කර ඇති බවය.

කෙසේවෙතත් රියාද්හි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල ඉන්ධන ටැංකි පිහිටි ස්ථානයක ගින්නක් සමග විශාල දුමාරයක් හටගෙන ඇති අතර මේ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ද තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

@sinhala.adaderana.lk
 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *